hit counter

2026 මැයි මස 27 වන බදාදා

2024 මැයි 30, පෙ.ව. 12:02



අධ්‍යාපන අමාත්‍යාංශය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අද සහ හෙට එනම්, මැයි මස 30 සහ 31 දිනයන්හි සියලු‍ම පාසල් සාමාන්‍ය පරිදි පැවැත්වෙන බවයි.

අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ එම නිවේදනය පහතින්,

මේ අතර, උසස් පෙළ (2023) විභාගයේ ප්‍රතිඵල මැයි 31 නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අවධාරණය කර තිබෙනවා.

2023 අ.පො.ස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මේ සති අන්තයේ නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව විභාග දෙපාර්තමේන්තුව ද පසුගියදා ප්‍රකාශ කළා.

විභාගය 2023 ජනවාරි මාසයේදී සිදු වූ අතර, සිසුන් 346,976 ක් සහභාගී විය. මෙයින් 281,445 පාසල් අයදුම්කරුවන් වන අතර 65,531 පෞද්ගලික අයදුම්කරුවන් විය.

විභාග කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කළේ ප්‍රතිඵල නිකුත් කළ පසු ලබාගත හැකියි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: