hit counter

2026 සැප්‍තැම්‍බර් මස 03 වන බ්‍රහස්පතින්දා

2024 ජූනි 03, පෙ.ව. 7:34



අද (03) දිනයේ දිවයිනේ සියලූම පාසල් වසා තැබීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ඒ පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුව සැලකිල්ලට ගනිමින් බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සඳහන් කර සිටියේ.

කෙසේ වෙතත්, ඉදිරියේ දී පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් කාලගුණ නිරීක්ෂණ අනුව දැනුම් දෙන බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.

එමෙන්ම, එම තීරණය ගැනීමට පෙර අධ්‍යාපන රාජ්‍ය ඇමැති අරවින්ද කුමාර් මහතා පවසා සිටියේ අද (03) පාසැල් පැවැත්වීම සම්බන්ධයෙන් තීරණය ගැනීමේ බලය පළාත් අධ්‍යාපන ලේකම්වරුන් සහ අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත පැවරෙන බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: