hit counter

2026 සැප්‍තැම්‍බර් මස 04 වන සිකුරාදා

2024 ජූනි 03, ප.ව. 1:39



සබරගමුව පළාතේ කෑගල්ල, රත්නපුර දිස්ත්‍රික්කවල සියලුම පාසල්, දකුණු පළාතේ ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල සියලුම පාසල් සහ කළුතර දිස්ත්‍රික්කයේ සියලුම පාසල් සහ බස්නාහිර පළාතේ හෝමාගම කලාපයේ සියලුම පාසල් හෙට (04) වසා තබන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරනවා.

මේ අතර පවතින ආපදා තත්ත්වය හේතුවෙන් හෙට (04) සහ අනිද්දා (05) යන දෙදින ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවල සියලු පාසල් නිවාඩු ලබාදීමට තීරණය කර ඇති බවයි මීට සුළු මොහොතකට පෙර වාර්තා වුණේ.

මෙම තීරණය ගෙන ඇත්තේ, දකුණු පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන විසින් අධ්‍යාපන බලධාරීන් සමඟ පැවති සාකච්ඡාවකදී බව සඳහන්.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: