hit counter

2026 මැයි මස 28 වන බ්‍රහස්පතින්දා

2024 ජූනි 03, ප.ව. 7:11



හෙට (04) දිනයේ ගම්පහ කලා⁣පයේ සහ කඩුවෙල සහ කැලණිය යන කලාපවල සියලුම පාසල් වසා තැබෙයි.

ඒ බව එම කලාප අධ්‍යාපන කාර්යාල සඳහන් කළා.

මේ අතර, පවතින අයහපත් කාලගුණික තත්ත්වය මත දිස්ත්‍රික්ක කිහිපයක සහ කලාප කිහිපයක රජයේ පාසල් හෙට (04) විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත..

එයට අමතරව සෙසු පළාත්වල හා කලාපවල හෙට දින සිට සාමාන්‍ය පරිදි පාසල් පැවැත්වෙනවා.

හෙට දිනයේ පාසල් නොපැවැත්වෙන පළාත්, දිස්ත්‍රික්ක හා කලාප පහතින් සඳහන් වෙනවා.

සබරගමුව පළාත‍

* රත්නපුර දිස්ත්‍රික්කය – සියලු‍ම පාසල්

* කෑගල්ල දිස්ත්‍රික්කය – සියලුම පාසල්

දකුණු පළාත

*ගාල්ල දිස්ත්‍රික්කය – සියලු‍ම පාසල්

*මාතර දිස්ත්‍රික්කය – සියලු‍ම පාසල්

බස්නාහිර පළාත

* කළුතර දිස්ත්‍රික්කය – සියලු‍ම පාසල්

* කොළඹ දිස්ත්‍රික්කය – හෝමාගම කලාපය

ඉහත සඳහන් කර නොමැති සියලු පළාත්වල සහ දිස්ත්‍රික්කවල පාසල් සාමාන්‍ය පරිදි හෙට පැවැත්වෙනවා.

ඒ බව බව අධ්‍යාපන අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම්, එච්. ටී. කුෂාන් සමීර මහතා නිවේදනයක් නිකුත් කරමින් පැවසුවා.

කෙසේ වෙතත්, හෙටින් පසු ව ඇති වන කාලගුණ තත්ත්වය මත පළාත් බලධාරීන් විසින් කලාප අධ්‍යක්ෂවරුන් දැනුම්වත් කර පාසල් පැවැත්වීමට අදාළ තීරණ ගනු ඇත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: