hit counter

2026 ජනවාරි මස 27 වන අඟහරුවාදා

2024 ජූනි 06, ප.ව. 4:43



රජයේ පාසල්වලට දෙනු ලබන විශේෂ නිවාඩුවක් ලෙස සලකා හෙට (07) නිවිතිගල කලාපයේ පහත සඳහන් කොට්ඨාසලවල රජයේ පාසල් සඳහා නිවාඩු ලබාදී තිබෙනවා.

එම ප්‍රදේශවල තවදුරටත් පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගෙන තිබෙනවා.

ඒ අනුව, නිවිතිගල අධ්‍යාපන කලාපයේ ඇලපාත හා අයගම කොට්ඨාසවලට අයත් සියලුම පාසල් හෙට දිනයේ නිවාඩු දෙනු ලැබුවා.

ඉදිරියේදී ඇතිවන කාලගුණ තත්ත්වය මත පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් තීරණ ලබාදීම සඳහා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත බලය පවරනු ලබන බවද දැනුම්දී තිබෙනවා.

සෙසු සියලුම කලාප සහ කොට්ඨාසවල සාමාන්‍ය පරිදි පාසල් පැවැත්වීමට තීරණය කර ඇති බවද සබරගමුව පළාත් සභාව දැනුම්දෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: