hit counter

2026 අප්‍රේල් මස 09 වන බ්‍රහස්පතින්දා

2024 ජූනි 28, පෙ.ව. 12:04



දිවයින පුරා පාසල් දහසක් පමණ වසා දමමින් 26 සහ 27 දිනයේ ලෙඩ නිවාඩු දමමින් පැවැත්වූ දැවැන්ත ගුරු – විදුහල්පති විරෝධතාවය අදින් අවසන් කළ බවත්, අද දිනයේ පාසල් පැවැත්වෙන බවත් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටර්ලින් සඳහන් කළා.

පසුගිය දින දෙකේ පැවති මෙම විරෝධතා රැල්ල හේතුවෙන් පාසල් රැසක ළමුන්ගේ පැමිණීම ද ඉතා අවම මට්ටමක පැවති අතර ඇතැම් පාසල්වලට පැමිණි සිසුන්ට පාසල්වලට ඇතුළුවීමට නොහැකි වී හැරී යාමට ද සිදුවු බවයි වාර්තා වුණේ.

කෙසේ වෙතත් විරෝධතා මැද්දේ වුවද කිසිදු පාසලකට නිවාඩු ලබා නොදීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කරනු ලැබුවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: