hit counter

2026 ජනවාරි මස 16 වන සිකුරාදා

2024 ජූලි 16, පෙ.ව. 12:02



විදුහල්පතිවරුන්ගේ වැටුප් ගැටළුවට විසඳුම් ලබා දෙන තෙක් දේශපාලනඥයන් සහභාගී වන නිළ උත්සවවලට සහභාගී නොවී සිටීමට විදුහල්පති වෘත්තිය සමිති 7ක් එකමතිකව තීරණය කර තිබෙනවා.

මීට අමතරව පාසල්වල පැවැත්වෙන උත්සව සඳහා කිසිදු දේශපාලනඥයෙකුට ආරාධනා නොකිරීමට ද එම වෘත්තිය සමිති 7ට අයත් විදුහල්පතිවරු තීරණය කර තිබෙනවා.

විදුහල්පතිවරුන්ගේ වැටුප් ගැටලුවට විසඳෙන තෙක් කෙටි කාලීන විසඳුමක් ලෙස සියලු විදුහල්පති ශ්‍රේණිධාරීන්ට විදුහල්පති දීමනාව රුපියල් 15,000ක් දක්වා ඉහළ නංවන තෙක් මෙම තීරණයේ එලඹ සිටින බවත් එම සංගම් සඳහන් කරනවා.

විදුහල්පති ශ්‍රේණිධාරීන්ගේ සංගමය, විදුහල්පති වෘත්තිකයන්ගේ සංගමය, ලංකා විදුහල්පති සංගමය, සමස්ථ ලංකා විදුහල්පති සේවා සංගමය, ජාතික විදුහල්පති එකමුතුව ඌව පළාත් විදුහල්පති ශ්‍රේණිධාරීන්ගේ සංගමය, උතුරු පලාත් විදුහල්පති සංගමය යන විදුහල්පති වෘත්තිය සමිති සංගම් හතෙහි විදුහල්පතිවරු මෙම තීරණය ගෙන තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: