hit counter

2026 ජූනි මස 26 වන සිකුරාදා

2024 ජූලි 30, පෙ.ව. 11:43



ඉන්දීය රජයේ රුපියල් මිලියන 300ක ප්‍රදානයක් මඟින් වතු පාසල්වල යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම පිණිස 2019 වසරේදී අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි විය.

මෙරට පැවති ආර්ථික අර්බුදය මත මිල ගණන් ඉහළ යාම හේතුවෙන් එකී ව්‍යාපෘතිය සඳහා වන මුළු ප්‍රදානය රුපියල් මිලියන 600 දක්වා වැඩි කිරීමට ඉන්දීය රජය විසින් එකඟතාව පළකර ඇත.

කෙසේ වෙතත්, ඒ අනුව, එකී ප්‍රදානය ලබා ගැනීම සඳහා අදාළ ලේඛනවලට අත්සන් තැබීම පිණිස අධ්‍යාපන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමත කර තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: