hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2024 මැයි 24, පෙ.ව. 12:05



රාජ්‍ය හා පුද්ගලික අංශයේ පමණක් නොව ස්වයං රැකියා කරන සියලූම දෙනාට ද දායකත්ව විශ්‍රාම වැටුපක් යෝජනා කරන බව සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල් සදහන් කරයි.

රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල් තවදුරටත් සදහන් කළේ,

“එමෙන්ම මුළු රටම සවිබල ගැන්වීම සඳහා සැමට විශ්‍රාම වැටුපක් ලබාදිය යුතුය යන්න අපගේ ස්ථාවරයයි. ඒ සඳහා රාජ්‍ය හා පුද්ගලික අංශයේ පමණක් නොව ස්වයං රැකියා කරන සියලූ දෙනාට ද දායකත්ව විශ්‍රාම වැටුපක් යෝජනා කරනවා.

එලෙසම ව්‍යවසායක රාජ්‍යයක් බිහිකර ගැනීමට ද අප කැපවිය යුතුයි. ඊට සමඟාමීව සැමට වෘත්තීය අධ්‍යාපනය ද ලැබිය යුතුයි. රට සංවර්ධනය කර ඉදිරියට ගෙනයාමට මෙම කටයුතු සිදුකල යුතුයි.

තවද පෙර පාසල් ගුරුවරුන් සවිබලගැන්වීම සඳහා “ලියසවිය වැඩසටහන” අප දියත් කර තිබෙනවා. ඒ වගේම අස්වැසුම ප්‍රතිලාභීන් අතුරින් පවුල් ලක්ෂ 12ක් සවිබල ගැන්වීම අපගේ ප්‍රධාන අරමුණක් වී තිබෙනවා. ඒ සඳහා මේ වසර තුළ පවුල් ලක්ෂ 03ක් සවිබල ගැන්විය යුතුයි.

ඊට අවශ්‍ය ලේඛන 188,000ක් පමණ සකස් කර තිබෙනවා. එහිදී ලෝක බැංකු ව්‍යාපෘතිය යටතේ පවුල් 10,000ක් සහ ආසියානු සංවර්ධන බැංකු ව්‍යාපෘතිය යටතේ පවුල් 16,000ක් සවිබලගැන්වීම සඳහා අවශ්‍ය ලේඛන සකස් කර අවසන් කර තිබෙනවා. ඒ වෙනුවෙන් නිළධාරීන් පුහුණු කිරීම ද මේ මාසයේ අවසන් කරනවා.”

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමින් රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල් මේ බව සදහන් කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: