hit counter

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා

2023 ජනවාරි 11, පෙ.ව. 7:06



ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය, නිදහස ජනතා සභාව සහ උත්තර සභාගය එක්ව පළාත් පාලන මැතිවරණයේ දී තරඟ කිරීම සඳහා පිහිටුවන නව සන්ධානය එළිදැක්වීම කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේ දී අද (11) පස්වරු 3.30 ට සිදුකෙරෙනවා.

මෙම සන්ධානය ‘නිදහස් ජනතා සන්ධානය’ යනුවෙන් නම් කර ඇති අතර, එහි ලකුණ ‘හෙලිකොප්ටරය’ බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මාධ්‍ය ලේකම් තිසර ගුණසිංහ මහතා පැවසුවා.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය, පොදුජන පෙරමුණේ වෙන්වූ ඩලස් අලහප්පෙරුම මහතාගේ ඇතුළු නිදහස ජනතා සභාව, විමල් වීරවංශ මහතා සභාපතීත්වය දරණ ‘උත්තර ලංකා සභාගය’ නියෝජනය කරන ලංකා සමසමාජ පක්ෂය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, විජය ධරණී ජාතික සභාව, යුතුකම සංවාද කවය ආදී පක්‍ෂ මෙන්ම ද්‍රවිඩ හා මුස්ලිම් පක්ෂ කිහිපයක් ද මෙම සන්ධානය නියෝජනය කරන බව ඔහු සඳහන් කළා.

මෙම අවස්ථාවට නව සන්ධානය නියෝජනය කරන පක්‍ෂවල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 40ක් පමණ සහභාගීවීමට නියමිතයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: