hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2024 ජනවාරි 07, පෙ.ව. 12:02



එකතු කළ අගය මත බද්ද (වැට්) ඉහළ දැමීම නිසා අසීරුතාවට පත්ව සිටින ජනතාවට සහනයක් ලෙස ලබන අප්‍රේල් මාසයේදී භාණ්ඩ ‍රැසක තීරු බදු අඩු කිරීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව ඇති බව වාර්තා වනවා.

මේ වසර මැතිවරණ වසරක් නම් කර ඇති බැවින්, ජනතාවට බදු බර පැටවීම නිසා මැතිවරණවලදී සිදුවිය හැකි අවාසි සහගත තත්ත්වය වළක්වා ගැනීමට මෙලෙස අප්‍රේල් මාසයේදී භාණ්ඩ රැසක තීරු බද්ද අඩු කිරීමට රජය අවධානය යොමු කර ඇති බවයි අනාවරණය වාර්තා වන්නේ.

මේ හේතුවෙන් ඉදිරි අලුත් අවුරුදු සමයේදී භාණ්ඩ මිලදී ගැනීමේදී ජනතාවට සහන සැලසෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග තහවුරු කරයි.

මේ අතර, ලංකා සතොස ආයතනයේ අලෙවි කරන ආහාර ද්‍රව්‍ය රැසක ද මිල ගණන් ඉදිරි කාලයේදී තවදුරටත් අඩු කිරීමට වෙළෙඳ අමාත්‍යාංශය සැලසුම් කර ඇති බවයි පැවසෙන්නේ.

එම අමාත්‍යාංශය පවසන්නේ, දැනට පවතින ලංකා සතොස ශාඛා 450 මේ වසරේදී 500ක් දක්වා වැඩිකර ජනතාවට සහන මිලට භාණ්ඩ සැපයීමට කටයුතු යොදා ඇති බවයි.

කෙසේ නමුත්, වෙළෙඳ, වානිජ හා ආහාර සුරක්ෂිතතා ඇමැති නලින් ප්‍රනාන්දු මහතා ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවැති ජනමාධ්‍ය හමුවකදී පවසා තිබෙන්නේ, රටේ පවතින ආර්ථික තත්ත්වය තුළ මේ වසරේ මුල් කාර්තුව තුළදී බදු බර වැඩි කිරීමේ බර දැරීමට සිදුවනු ඇති බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: