hit counter

2026 අගෝස්‍තු මස 29 වන සෙනසුරාදා

2025 මැයි 01, පෙ.ව. 12:12



විපක්ෂයේ අයෙකු ජනාධිපති කරන බවට ප්‍රකාශ නිකුත්කරමින් සිටින පුද්ගලයන් සම්බන්ධව නීති ක්‍රියාමාර්ග නොගන්නේ ඇයිදැයි සිරස මාධ්‍යවේදී සුරංග සේනානායක ප්‍රශ්න කරයි.

ඒ සිරස සටන (29) වැඩසටහනේදී ය.

ජාතික ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නජිත් ඉන්දික වෙත පැමිණිලි කරමින් ඔහු සඳහන් කළේ මෙම ප්‍රකාශ සිදුකරන්නේ දෙසැම්බර් මාසය වන විට ජනාධිපති ධූරයේ කිසිඳු වෙනසක් වීමට ඉඩක් නැති පසුබිමක බවයි.

එහිදී සුරංග සේනානායක වැඩි දුරටත් සඳහන් කළේ වෙනත් රටක නම් මේ වන විට එවැනි ප්‍රකාශ නිකුත්කරන පුද්ගලයන් සම්බන්ධව නීතිය ක්‍රියාත්මක කරන බවයි.

සජබ පාර්ලිමේන්තු කබීර් හෂීම් විසින් සජිත් ජනාධිපති කරන බව පවසා ඇති අතර එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන ද ජනාධිපති ධුරයේ වෙනසක් ගැන පවසා ඇත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: