2026 මැයි 17, පෙ.ව. 12:20
ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට විදේශ ණය ලබාගැනීමකින් තොරව, මෙරට භාණ්ඩාගාර අරමුදලින් පමණක් රඹුක්කන අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු අද හෙට ආරම්භ කරන බව නියෝජ්‍ය ඇමති ටී.බී. සරත් මහතා පවසයි.
මීට පෙර මෙරට ඉදිවූ සියලුම අධිවේගී මාර්ග විදේශ ණය ආධාර මත ඉදිවූවත්, වත්මන් රජය හොරකමින් සහ වංචාවෙන් තොරව භාණ්ඩාගාරය පොහොසත් කිරීම නිසා මෙම අවස්ථාව උදාවී ඇති බව ඔහු පෙන්වා දෙයි.
මෙම සංවර්ධන සැලසුම් පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ 2029 වසර වන විට දඹුල්ල දක්වා අධිවේගී මාර්ගය ඉදි කර අවසන් කිරීමට අවශ්‍ය මූලික කටයුතු මේ වන විටත් සිදු කෙරෙමින් පවතින බවයි.
අධිවේගී මාර්ගවලට අමතරව රටේ අනෙකුත් මූලික අවශ්‍යතා සඳහා ද දේශීය අරමුදල් වෙන් කිරීමට රජය පියවර ගෙන ඇත.
ඒ අනුව ලබන වසරේදී පානීය ජලය ලබාදීම සඳහා ණය නොවූ, දේශීය භාණ්ඩාගාරයේ රුපියල් බිලියන ගණනක මුදලක් වෙන් කිරීමට සැලසුම් කර ඇත.
මෙම වසර තුළ පමණක් නිවාස 100,000ක් ඉදිකිරීමට මුදල් වෙන් කර තිබේ. මෙහිදී උතුරු සහ නැගෙනහිර පළාත්වල ඉදිවන නිවාස 30,000ක් සඳහා නිවසකට රුපියල් ලක්ෂ 20 බැගින් ද, අනෙකුත් ප්‍රදේශවල නිවාස සඳහා රුපියල් ලක්ෂ 10 බැගින් ද ප්‍රතිපාදන වෙන් කර ඇත.
සජිත් ප්‍රේමදාස මහතා විසින් ජනාධිපති සිහිනය දකිමින් ආරම්භ කර, රුපියල් 10,000 – 50,000 වැනි සුළු මුදල් ලබාදී අතරමග නවතා දමා තිබූ නිවාස ව්‍යාපෘති නිසා ජනතාව අසරණ වී ඇති බවත්, එම අඩක් නිම කළ නිවාස ද රජයේ මැදිහත්වීමෙන් නිම කර දීමට පියවර ගන්නා බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
2026 මැයි 17, පෙ.ව. 12:16
2026 මැයි 17, පෙ.ව. 12:15
2026 මැයි 17, පෙ.ව. 12:14
2026 මැයි 17, පෙ.ව. 12:12
2026 මැයි 17, පෙ.ව. 12:10
17-05-26
17-05-26
16-05-26
16-05-26
15-05-26
15-05-26
14-05-26
14-05-26
14-05-26
14-05-26
13-05-26
13-05-26
13-05-26
13-05-26
12-05-26
12-05-26
12-05-26
12-05-26
11-05-26
11-05-26
10-05-26
10-05-26
08-05-26
08-05-26