hit counter

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා

2022 ඔක්‍තෝබර් 14, ප.ව. 2:41



තිලිණි ප්‍රියමාලි නම් කාන්තාව මේ වනවිට කරළියට පැමිණ ඇත්තේ මෙරට මෑතකාලීන විශාලතම මූල්‍ය වංචාවේ පෙරළිකාරිය ලෙසයි.

මෙරට දේශපාලනඥයින්, කලාකරුවන් ඇතුලු ජනප්‍රිය පුද්ගලයින් ඇසුරු කරමින් අතිශය සුපිරි ජීවිතයක් ගත කළ ඇයගේ ඉතිහාසය ද වංචාවන්ගෙන් පිරී පවතින බව හෙළිදරව් වී තිබෙනවා.

රුපියල් කෝටි ගණනක මුදල් වංචා කර මේ වන විට ඇය රක්ෂිත බන්ධනාගාර ගතව සිටිනවා.

තිලිණි ප්‍රියමාලි නැමති කාන්තාව බන්ධනාගාරයෙන් පිටතට රැගෙන යාමේදී ජේලර්වරයෙක්, කාන්තා නියමකවරියන් දෙදෙනෙක් බාරයේ රැගෙන යන බව අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් (මාධ්‍ය ප්‍රකාශක) චන්දන ඒකනායක මහතා සඳහන් කළා.

ඇයට විශේෂ ආරක්ෂාවක් සලසා දී ඇති බවත් දිනපතා ඇයගේ සිර මැදිරිය සෝදිසි කරන බවත් ඒකනායක මහතා වැඩිදුරටත් සඳහන් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: