hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2024 ජනවාරි 04, පෙ.ව. 12:02



2024 ජනවාරි 01 සිට ක්‍රියාත්මක වන පරිදි වයස අවුරුදු 18 සම්පූර්ණ පුද්ගලයින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී, බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකයක් (Taxpayer Identification Number – TIN) ලබා ගැනීම අනිවාර්යය බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පසුගිය දා නිවේදනය කර සිටියා.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් බදු උපදේශක, නීතිඥ සුරේෂ් පෙරේරා මහතා පවසන්නේ මෙහිදී සිදුවන්නේ බදුගෙවන්නා හඳුනාගැනීමේ අංකයක් ලබා ගැනීමක් පමණක් බවත් එය ලබාගත් පමණින් බදුගෙවිය යුතු බවට අනිවාර්යය කිරීමක් සිදුනොකෙරෙන බවයි.

යූටියුබ් නාලිකාවක් වෙත සාකච්ඡාවක් ලබා දෙමින් ඔහු මේ බව සඳහන් කරයි.

“TIN එක කියලා කියන්නේ, Taxpayer Identification Number. ඒ කියන්නේ බදු සම්බන්ධයෙන් ලබා ගන්න ඕන නොම්මරයක් විතරයි ඔතන තියෙන්නේ. වයස 18ට වඩා වැඩි හැම පුද්ගලයෙක්ම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ රෙජිස්ටර් වෙලා, මේ බදු අංකය ලබා ගන්න ඕනේ. එච්චරයි. අංකයක් ලබා ගැනීම විතරයි කරන්න තියෙන්නේ. මේකෙන් කියන්නේ නැහැ Tax Return එක ෆයිල් කරන්න ඕනේ කියලා. Income Tax Return එක ෆයිල් කරන්න ඕනේ කියලා. මේකෙන් කියන්නේ නැහැ බදු ගෙවන්න ඕනේ කියලා. එහෙම එකක් නෙමෙයි මෙතන අදහස් වෙන්නේ. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මාර්ගයෙන් වයස 18ට වඩා ඉන්න පුද්ගලයන්ගේ දත්ත ටික ලබා ගැනීම තමයි මෙතන වෙන්නේ. දත්ත ලබා ගත්තායින් පස්සේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සමහර විට එක එක ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. හැබැයි දැනට නීතියේ තියෙන අදහසින් කියන්නේ, ඔය පුද්ගලයන්ට කරන්න තියෙන්නේ ඒ නොම්මරය ලබා ගැනීම විතරයි. ටැක්ස් ගෙවීමක්වත් රිටන් ෆයිල් කිරීමක්වත් නැහැ ඔතන.“





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: