hit counter

2024 මැයි මස 02 වන බ්‍රහස්පතින්දා

2023 අගෝස්‍තු 29, පෙ.ව. 11:26



පාස්කු ප්‍රහාරය සම්බන්දයෙන් මහමොලකරු කතාවක් මුලින්ම ප්‍රකාශ කලේ කාදිනල්තුමා බවයි මහජන ආරක්ෂාව පිලිබඳ අමාත්‍ය ටිරාන් අලස් මහතා ප්‍රකාශ කරන්නේ. 

එම ප්‍රකාශයම උපුටා දක්වමින් හිටපු නීතිපති දප්පුල ද ලිවේරාද විශ්‍රාම යාමත් සමග එම ප්‍රකාශයම සිදුකල බවත් ඔහු දැන් අධිකරණයට ගොස් මේ සම්බන්දයෙන් ප්‍රකාශයක් ලබා නොදෙමින් සැඟවෙන බවත් අලස් අමාත්‍යවරයා පැවසුවා.

හිටපු නීතිපති අධිකරණයට ගොස් සැඟවීමත් සමග කාදිනල් හිමියන්ද මහමොලකරු කතාව නවතා ඇති බවයි මහජන ආරක්ෂාව පිළිබඳව ඇමතිවරයා පවසන්නේ.

“කාදිනල්තුමානේ ඉස්සෙල්ලාම මහ මොළකරු ගැන කිව්වේ. ඊට හා සමාන දෙයක් කිව්වා අන්තිමේට විශ්‍රාම යන්න ඉස්සෙල්ලා හිටපු නීතිපති තුමා. දැන් ඒක ගැන අහන්න එයාට එන්න කිව්වහම එයත් හැංඟුනා.ඊලඟට එයා උසාවි ගියා. ගිහිල්ලා stay order එකක් ගත්තා. එහෙම තියනවා නම් එයාට ටක් ගාලා ඇවිල්ලා කියන්න පුළුවන්නේ මම මේ නීතිපති හැටියට මම මේ ඔක්කොම study කරනකොට මට තේරුණා මෙහෙම එකක් කියලා. එහෙම මුකුත් නැහැ. නීතිපතිතුමා හැංගුන දවසෙ ඉදන් කාදිනල්තුමාගේ මහමොළකරු කතාවත් නැවතිලා. ඉතින් මම කියන්නේ එහෙම එක එක්කෙනා කියන ඒවා නෙමේ හරි විමර්ශනයක් කරන්න ඕනේ. ඒක හින්දා තමයි මම විවෘතව ආරාධනා කරලා තියෙන්නේ කතෝලික සභාවට මේ පොලිසිය කරපු දේ බලන්න.එතකොට උන්වහන්සේලා ළග මොනවා හරි තියනවනම් අපි දන්නැති දෙයක් අපිට කියන්න. එතකොට අපි ඒකත් investigate කරන්නම්. කරලා මේක සියලු දෙනා එකතු වෙලා අපි කරමු කියන ආරාධනාව කෙරුවෙ මම ඒක හින්දා.” යනුවෙන්ද සඳහන් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: