hit counter

2026 සැප්‍තැම්‍බර් මස 08 වන අඟහරුවාදා

2026 මැයි 09, පෙ.ව. 12:15



ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති කපිල චන්ද්‍රසේන මහතාට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා වත්මන් රජයට දැඩි ප්‍රහාරයක් එල්ල කර ඇත.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පැවසුවේ, “මට පෞද්ගලිකව ගත්තොත් දැන් මේ රටේ ජීවත් වෙන්න බයයි. එක්කෝ ඉවර කරනවා නැත්නම් ඉවර කරන්න සුදුසු පරිසරයක් නිර්මාණය කරනවා” යනුවෙනි.

වර්තමාන තත්ත්වය 1988/89 භීෂණ සමය සමඟ සසඳමින් කුට්ටිආරච්චි මහතා කියා සිටියේ, “අපි රටේ ජනතාවට කිව්වේ මේක ගැන තමයි. 88/89 කාලේ කරපු දේවල් අපි ජනතාවට මතක් කරලා දුන්නා. ඒත් සියල්ල අමතක කරලා ජනතාව ඡන්දේ දුන්නා” යනුවෙනි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: