2026 මැයි 20, පෙ.ව. 12:17
මැතිවරණ සමයේදී පොරොන්දු වූ පරිදි රුපියල් ලක්ෂ 12 ක මුදලකට Toyota Vitz වර්ගයේ මෝටර් රථයක් මෙරට ජනතාවට ලබා ගැනීමට ඇති අවස්ථාව සලසා දෙන්නේ කවදාදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළේය.
ජනතාවගේ වාහන සිහිනය සැබෑ කරමින්, අඩුම තරමින් ලක්ෂ 12 කටවත් වාහනයක් මිලදී ගැනීමට ජනතාවට හැකි වන්නේ කවදාදැයි විපක්ෂ නායකවරයා මෙහිදී රජයෙන් විමසා සිටියේය.
ඊට පිළිතුරු ලබා දෙමින් මුදල් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, වාහන ලබා ගැනීම සහ එම වෙළෙඳපොළ නිර්මාණය වීම ආර්ථිකය ප්‍රසාරණය වීමත් සමඟ සිදුවන්නක් බවයි.
2026 වසරේ අප්‍රේල් මාසය අවසන් වන විට මෝටර් සයිකල්, ත්‍රිරෝද රථ සහ මෝටර් රථ ඇතුළුව වාහන 1,78,000 ක් පමණ මෙරටට ගෙන්වා ඇති බවත්, වාහන සම්බන්ධයෙන් රජයට කිසිදු ගැටලුවක් නොමැති බවත් ඔහු පෙන්වා දුන්නේය.
පාලනය කළ නොහැකි බාහිර සාධක හේතුවෙන් විදේශ විනිමය ආරක්ෂා කර ගැනීම සඳහා මාස තුනක කාලයකට ඇතැම් තීරණ ගැනීමට රජයට සිදු වූ බව අමාත්‍යවරයා මෙහිදී පැහැදිලි කළේය.
එම බාහිර බලපෑම් එල්ල නොවූයේ නම් ආර්ථිකය මීට වඩා ප්‍රසාරණය වීමට ඉඩ තිබූ බවත්, දශක ගණනාවක් තිස්සේ පැවති ගැටලු එකවර විසඳිය නොහැකි වුවද ඉදිරියේදී ආර්ථිකය ප්‍රසාරණය වීමත් සමඟ ක්‍රමිකව මෙම තත්ත්වයන් යහපත් වනු ඇති බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
2026 මැයි 20, පෙ.ව. 12:31
2026 මැයි 20, පෙ.ව. 12:23
2026 මැයි 20, පෙ.ව. 12:20
2026 මැයි 20, පෙ.ව. 12:19
2026 මැයි 20, පෙ.ව. 12:18
20-05-26
20-05-26
20-05-26
20-05-26
20-05-26
20-05-26
19-05-26
19-05-26
19-05-26
19-05-26
19-05-26
19-05-26
19-05-26
19-05-26
19-05-26
19-05-26
19-05-26
19-05-26
19-05-26
19-05-26
18-05-26
18-05-26
18-05-26
18-05-26