hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2023 දෙසැම්‍බර් 10, ප.ව. 12:18



වැට් බද්දෙන් නිදහස් කර තිබූ අයිතම 138ක් අතුරින් අයිතම 97කට වැට් බදු පැනවෙන බව එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පත සහ මුදල් පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය ආරම්භ කරමින් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කරනවා.

අදාළ විවාදයට එක් වෙමින් අද (10) පාර්ලිමේන්තුවේදි ‍රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, ඖෂධ, ආබාධිත උපකරණ, හාල් පිටි, තිරිඟු පිටි, එළවළු, පලතුරු, දියර කිරි සඳහා වැට් බදු අය නොකෙරෙන බවයි.

මේ අතර සුවසැරිය ගිලන් රථ සේවාව සඳහා ද වැට් බදු අය නොකෙරෙන බව ද රාජ්‍ය අමාත්‍යවරයා මෙම විවාදයේ දී අදහස් දක්වමින් සඳහන් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: