2026 මැයි 20, ප.ව. 1:27
සියලුම ආර්ථික මධ්‍යස්ථානවල එළවළුවල තොග මිල යළිත් වරක් ඉහළ ගොස් තිබුණු අතර දිවයින පුරා පිහිටි ආර්ථික මධ්‍යස්ථානවලට ඊයේ (19 වැනිදා) ලැබුණු එළවළුවලින් තොග මිල රුපියල් 100ට අඩු එළවළු තිබුණේ වට්ටක්කා, කැකිරි සහ පිපිඤ්ඤා පමණක් බව එම වෙළෙන්දෝ පවසති.
උඩරට එළවළු කිහිපයක කිලෝවක තොග මිල රුපියල් 500 ඉක්මවා අලෙවි වූ බව දඹුල්ල විශේෂිත ආර්ථික වෙළෙඳ මධ්‍යස්ථානයේ වෙළෙඳ සංගමයේ අනුසාශක ශාන්ත ඒකනායක පැවසීය.
කොළඹ මැනිං, මීගොඩ, වේයන්ගොඩ ඇතුළු විශේෂිත ආර්ථික මධ්‍යස්ථානවලින් සහ දිවයින පුරා ප්‍රධාන නගරවලින් එළවළු තොග ගැනුම්කරුවෝ සාමාන්‍ය ලෙස පැමිණි බව තොග වෙළෙන්දෝ පැවසීය.
බෝංචි කිලෝවක් රුපියල් 550-620, මාළු මිරිස් රුපියල් 550- 600, වම්බටු කිලෝවක් රුපියල් 350ක් 380, කැරට් කිලෝවක් රුපියල් 330 -350, අමු මිරිස් කිලෝවක් රුපියල් 200- 250, ගෝවා කිලෝවක් 100-130 ලෙස ඊයේ දඹුල්ල තොග වෙළඳපොළේ එළවළු තොග මිල දැක්විණි.
වට්ටක්කා, කැකිරි, පිපිඤ්ඤා එළවළු තොග මිල රුපියල් සියය ඉක්මවා නොගිය බව තොග වෙළෙන්දෝ පැවසීය.
2026 සැප්තැම්බර් 08, ප.ව. 2:47
2026 සැප්තැම්බර් 08, පෙ.ව. 11:54
2026 සැප්තැම්බර් 08, පෙ.ව. 11:05
2026 සැප්තැම්බර් 08, පෙ.ව. 10:52
2026 සැප්තැම්බර් 08, පෙ.ව. 10:37
08-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
06-09-26
06-09-26
06-09-26
06-09-26
06-09-26
06-09-26
05-09-26
05-09-26
05-09-26
05-09-26
05-09-26
05-09-26