hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 සැප්‍තැම්‍බර් 30, පෙ.ව. 3:09



මාර්ගයේ සිදුකෙරෙන වැරදි සම්බන්ධයෙන් තොරතුරු මහජනයාගෙන් ලබා ගැනීමට e traffic police app එක හදුන්වාදීමට ඉදිරියේදී කටයුතු කරන බව රථවාහන අංශය භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා අවධාරණය කරයි.

ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ උපදෙස් පරිදි ප්‍රවාහන අමාත්‍යංශය,මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සහ පොලීසිය ඒකාබද්ධව කටයුතු කරමින් තාක්ෂණය ඔස්සේ කටයුතු කරමින් මෙම කටයුතු සිදු කරන බව නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කරයි.

මේ අනුව මාර්ගය භාවිතා කරන රියදුරන්ට,පදිකයින් සහ මගීන් සිදු කරන වැරදි සම්බන්ධයෙන් තොරතුරු ඡායාරූප ලෙස හෝ වීඩියෝ ලෙස මෙම ඇප් එකට යොමු කරන ලෙසටද නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉල්ලා සිටියි.

එම තොරතුරුවල රහස්‍යභාවය සුරකින බව කියා සිටින ඒ මහතා එවැනි වැරදි සිදුකරන පුද්ගලයන්ට එරෙහිව 1995 අංක 14 දරන විශේෂ විධිවිධාන පනත යටතේ නීතිමය පියවර ගන්නා බවද අවධාරණය කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: