hit counter

2026 අප්‍රේල් මස 30 වන බ්‍රහස්පතින්දා

2023 සැප්‍තැම්‍බර් 17, ප.ව. 5:15



අවලංගු කරන ලද වාහන අංකවලින් වෙනත් සුඛෝපභෝගී වාහන ලියාපදිංචි කිරීමේ වංචාවක් අනාවරණ වී තිබෙනවා.

ජාතික විගණන කාර්යාලයේ වාර්තාවක දැක්වෙන්නේ, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරින් විසින් මෙම වංචාව සිදු කර ඇති බවයි.

මේ හේතුවෙන් රජයට රුපියල් කෝටි 15 කට ආසන්න බදු ආදායමක් අහිමිව ඇති බව සඳහන්.

මේ ආකාරයට පසුගිය වර්ෂවල දී ලියාපදිංචි කෙරුණු රාජ්‍ය තාන්ත්‍රිකයන් ගේ වාහන හයක් නැවත ප්‍රති ප්‍රති අපනයනය කරන අවස්ථාවන්හිදී ලියාපදිංචිය අවලංගු කර තිබෙනවා.

ඉන් අනතුරුව වෙනත් සුඛෝපභෝගී වාහනවල චැසි අංක සහ එන්ජින් අංක ඇතුළත් කර වෙනත් පුද්ගලයන්ගේ නම්වලට ලියාපදිංචි සහතික නිකුත් කර තිබූ බවයි විගණන විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: