2024 දෙසැම්‍බර් 06, පෙ.ව. 12:08
ආනයනික වාහනවල මිල ගණන් ඉහළ යනු ඇතැයි වාහන ආනයනකරුවෝ පවසන බවට පුවතක් පැතිර යමින් පවතිනවා.
වාහන ආනයනයේදී අය කරන බදු සමග වාහන මිල ඉහළ යන බවයි වාර්තා වන්නේ.
වාහන ආනයනයේදී අය කරන බදු ඉහළ යන බවට මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් සමග කරන ලද සාකච්ඡාවලදී තොරතුරු අනාවරණයවී ඇතැයිද වාහන ආනයනකරුවෝ පවසයි.
මුදල් අමාත්‍යාංශයේ අභ්‍යන්තර ආරංචිමාර්ග කියා සිටින්නේ, එන්ජින් ධාරිතාව අනුව ආනයනික වාහනවලට බදු පැනවීමට රජය සැලසුම් කර ඇති බවයි.
ලබන වසරේ (2025) සිට වාහන ආනයනය සඳහා අවස්ථාව ලබාදීමට සැලසුම් කර තිබෙන බවට රජය ප්‍රකාශ කිරීමත් සමග මෙරට ප්‍රධාන පෙළේ වාහන ආනයන සමාගම් විසින් මේ දිනවල පුවත්පත් දැන්වීම් පළ කිරීමද ඉහළ ගොස් තිබෙනු දක්නට ලැබේ.
මෙම දැන්වීම් හේතුවෙන් වෙළෙඳපොළේ භාවිත කරන ලද වාහන අලෙවිය සහ ඒවායෙහි මිල ගණන්ද පහත වැටී ඇතැයි තොරතුරු අනාවරණය වෙයි.
ඊට හේතුවී ඇත්තේ භාවිත කරන ලද වාහනවල මිලටත් වඩා අඩු මිලකට අලුතින් ආනයනය කරන වාහන අලෙවි කරන බව එම දැන්වීම්වල සඳහන්කර තිබීම හේතුවෙන්.
කෙසේ නමුත්, ආනයනකරුවෝ කියා සිටින්නේ, මෙම පුවත්පත් දැන්වීම්වල පළකර තිබෙන මිල ගණන්වලට වාහන මිලදී ගැනීමට නොහැකි වනු ඇති බවයි.
ඊට හේතුව වාහන ආනයන බදු ඉහළ යාම නිසා බවද ඔවුහු පවසයි.
මේ අනුව, ආනයනකරුවෝ කියා සිටින්නේ, රුපියල් ලක්ෂ 80ත් 100 ත් අතර මිලකට අලෙවි කෙරුණු ටොයෝටා RAIZE මෝටර් රථයක් රුපියල් ලක්ෂ 170ක් පමණද, රුපියල් ලක්ෂ 40ත් 50ත් අතර මිලකට අලෙවි කෙරුණු AQVA මෝටර් රථයක් රුපියල් ලක්ෂ 100ක් පමණද වනු ඇති බවයි.
BEZZA මෝටර් රථයක් ඉකුත් 2020 වසරට පෙර අලෙවි කෙරුණේ රුපියල් ලක්ෂ 30 ක පමණ මිලකටය. එහි නව මිල රුපියල් ලක්ෂ 75 ද ඉක්මවා ගොස් ඇත.
එමෙන්ම, එන්ජින් ධාරිතාවය 1500cc වැඩි මෝටර් රථවල මිල රුපියල් ලක්ෂ 150ක් හෝ ඊට වැඩිවීමට නියමිත බවයි පැවසෙන්නේ.
කඩිනමින් වාහන ආනයනය කිරීම සඳහා අවස්ථාව ලබාදෙන ලෙස රජයට ඉල්ලීම් රැසක් ඉදිරිපත් කර ඇතැයිද වාහන ආනයනකරුවෝ සඳහන් කරයි.
මේ අනුව වාහන යළි මෙරටට ගෙන්වීම හරහා එම වාහන සහ පවතින වාහන වල මිල බදු වැඩි කිරීම හරහා වැඩි වීමක් වනවා නම් පවතින ආණ්ඩුව ගැන ජනතාව තැබූ විශ්වාසය පලුදුවනු ඇත.
වාහන වෙලඳ පොළේ දැනට අධික ලෙස මිල ඉහළ දැමීමක් සිදු කළ අයට වාහන ගෙන්වීම හරහා බදු වැඩි කරමින් තවත් මිල වැඩි වුවහොත් ආණ්ඩුව ඔවුන්ට සහයෝගයක් දැක්වීමක් සිදු කිරීම හා සමානය.
කෙසේවෙතත් වාහන යළි මෙරටට ඉතාමත් කෙටි කාලයකදී ගෙන්වීමට සියලු කටයුතු යොදා ඇතිබවත් ඒ සඳහා රජය පාර්ශවයෙන් කොළ එළියක් දැල්වී ඇති බව වාහන ආනයන කරුවන්ගේ සංගමය පසු ගියදා ප්‍රකාශ කළා.
මේ අනුව දැනට මෙරට අසීමිත ලෙස ඉහළ ගිය සියලුම වාහන විශාල ගණනකින් පහල බසින බවයි වාහන ආනයන කරුවන්ගේ සංගමය පසු ගියදා අවධාරණය කළේ.
එම තත්තවය තුළ ලබන පෙබරවාරි මාසයේ වාහන මෙරටට ගෙන්විය හැකි බවයි ඔවුන් ප්‍රකාශ කළේ.
දැනට ලංකාවේ වාහන තුන්ගුණයකටත් වඩා වැඩි ගණනකින් ඉහල දමා ඇති බවත් එය ව්‍යාජ ලෙස වාහන වල මිල ඉහළ දැමීමක් වන බවත්, කෙටි කාලයකදී වාහන මෙරටට ගෙන්වීම හරහා දැනට පවතින ව්‍යාජ මිල ගණන් විශාල වශයෙන් පහළ බසින බවයි එම සංගයම පසුගියදා මාධ්‍ය හමුවේ අවධාරණය කළේ .
2025 ජනවාරි 20, ප.ව. 6:38
2025 ජනවාරි 20, ප.ව. 6:07
2025 ජනවාරි 20, ප.ව. 12:15
2025 ජනවාරි 20, පෙ.ව. 9:25
2025 ජනවාරි 20, පෙ.ව. 8:39
20-01-25
20-01-25
20-01-25
20-01-25
20-01-25
20-01-25
20-01-25
20-01-25
20-01-25
20-01-25
19-01-25
19-01-25
19-01-25
19-01-25
19-01-25
19-01-25
18-01-25
18-01-25
18-01-25
18-01-25
18-01-25
18-01-25
18-01-25
18-01-25