2026 මැයි 25, පෙ.ව. 9:13
දිනකට අලුතින් රථවාහන 1,826ක් මහාමාර්ගයට එකතු වන අතර එයින් 1,213ක් යතුරුපැදි වන අතර, මෝටර් රථ 386ක් දිනකට ලියාපදිංචිය සිදු වේ.
ඒ අනුව සාමාන්‍ය වැඩ කරන වේලාව සලකා බැලුව හොත් පැයකට යතුරුපැදි 210කට අධික සංඛ්‍යාවක් ලියාපදිංචි කරනු ලබන අතර, මෝටර් රථ 67ක් පමණ පැයක කාලයක් තුළ අලුතින් ලියාපදිංචි කැරේ.
එමෙන්ම, මෙරට ඉතිහාසගත වාර්තාවක් ලෙසින් එක් මාසයක් තුළ වැඩිම විදුලි රථවාහන ලියාපදිංචි කර ඇත්තේ පසුගිය මාර්තු මාසයේදීය.
මාර්තු මස තුළ පමණක් අලුතින් ලියාපදිංචි කර ඇති විදුලි වාහන සංඛ්‍යාව 8,124 කි. ඒ අනුව, රාජකාරි දිනකට ආසන්න වශයෙන් විදුලි වාහන 370ක් අලුතින් ලියාපදිංචි කර තිබේ.
මේ වසරේ පළමු මාස 3 තුළ පමණක් ලියාපදිංචි කර ඇති විදුලි වාහන සංඛ්‍යාව 15,488කි. එයින් වැඩිම වාහන අලුතින් ලියාපදිංචි කර ඇත්තේද පසුගිය මාර්තුවේදීය. එමෙන්ම මේ වසර තුළදී වැඩිම වාහන අලුතින් ලියාපදිංචි කර ඇත්තේද පසුගිය මාර්තු මාසයේදීය.
මේ සංඛ්‍යාව 57,518කි. එහිදී ජනවාරි මාසයේදී රථ වාහන 55,237ක්ද පෙබරවායේදී රථ වාහන 51,613ක්ද අලුතින් ලියාපදිංචි කර තිබේ.
ත්‍රිරෝද රථ 10,945ක් සහ ද්විත්ව කාර්ය වාහන 2,169ක්ද මගී ප්‍රවාහන බස් රථ 1,415ක්ද මාස 3ක කාලය තුළ අලුතින් ලියාපදිංචි කර ප්‍රවාහනයට එක් කර තිබේ. මීට අමතරව, මේ වන විට වාහන අලෙවිසල්වල විශාල මෝටර් රථ සහ ද්විත්ව කාර්ය වාහන ගෙන්වා ඇති අතර විදුලි මෝටර් රථ සඳහාද විශාල ලෙස ඇණවුම් ලැබී තිබේ.
2026 මැයි 25, පෙ.ව. 11:56
2026 මැයි 25, පෙ.ව. 10:06
2026 මැයි 25, පෙ.ව. 9:36
2026 මැයි 25, පෙ.ව. 8:30
2026 මැයි 25, පෙ.ව. 7:19
25-05-26
25-05-26
24-05-26
24-05-26
24-05-26
24-05-26
23-05-26
23-05-26
22-05-26
22-05-26
22-05-26
22-05-26
21-05-26
21-05-26
21-05-26
21-05-26
21-05-26
21-05-26
21-05-26
21-05-26
21-05-26
21-05-26
21-05-26
21-05-26