2024 ඔක්‍තෝබර් 16, පෙ.ව. 12:05
කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය විජිත හේරත් මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.
ඒ යම් අපරාධයක් සම්බන්ධයෙන් නඩුවක් ගොනු කරන විට ඊට අදාළවන සියළු තොරතුරු රැස් කර අදාළ නඩුව ගොනු කල යුතු බවයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (15) කැබිනට් මාධ්‍ය හමුවේදී අවුරා ලංකා සමාගමේ සභාපති විරංජිත් තාබුගල ගැන සිදු කරන පොලිස් පරික්ෂණ සම්බන්ධයෙන් මාධ්‍යවේදීයෙකු විසින් සිදු කල විමසිමට පිළිතුරු ලබා දෙමින් ය.
එහිදී අමාත්‍යවරයා පැවසුවේ නඩුවක් ගොනු කරද්දි එය නිසි ආකාරයෙන් කල යුතු බවත් විවිධ අඩුපාඩුකම් සහිතව නඩු ගොනු කලහොත් සිදුවන්නේ එය විත්තිකරුවන්ට වාසියක් සිදුවන බවයි.
ඒ නිසා යම් කාලයක් අදාළ නඩු ගොනු කිරීමට අවශ්‍ය බව ඔහු කියා සිටියේ ය.
එමෙන්ම, හදිස්සියට නඩු දාලා එකෙන් නිදහස් වුනොත් විත්තිකරුවට සිදුවන වාසිය නැති කිරීමට නම් අවශ්‍ය කරන තාක්ෂණික තොරතුරු සොයා ගෙන නඩු පැවරීම් සිදු කිරීමට යම් කාලයක් ගත වන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය විජිත හේරත් වැඩිදුරටත් කියා සිටියේ ය.
2026 ජනවාරි 29, ප.ව. 4:48
2026 ජනවාරි 29, ප.ව. 4:42
2026 ජනවාරි 29, ප.ව. 4:35
2026 ජනවාරි 29, ප.ව. 3:31
2026 ජනවාරි 29, පෙ.ව. 11:13
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26