hit counter

2024 මැයි මස 06 වන සඳුදා

2024 මාර්තු 27, ප.ව. 8:17



ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශිකයන් සඳහා මෙතෙක් කලක් වීසා නිකුත් කළ ක්‍රමවේදයෙන් ඉවත් වීමටත්, එය පෞද්ගලික ආයතනයකට ලබාදීමේ සැලසුමක් ඇති බවත් ආගමන හා විගමන දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසනවා.

මෙතෙක් කලක් විදේශිකයන්ට වීසා නිකුත් කළ ක්‍රමවේදය නිසා එහි සම්පූර්ණ ආදායම මෙතෙක් කලක් ඍජුව ආගමන විගමන දෙපාර්තමේන්තුවට ලැබුණු බවත්, මෙම කාර්යය බාහිර පාර්ශව අතට පත් කිරීමෙන් විශාල ආදායමක් අහිමිවීමේ අවදානමක් ආරංචි මාර්ග පෙන්වා දෙනවා.

එමෙන්ම දෙපාර්තමේන්තු ආරංචි වැඩිදුරටත් සඳහන් කරන්නේ, මහා පරිචයක් නොමැති, ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරීන් විසින් දේශපාලන අවශ්‍යතා මත මෙම තීන්දුව ගෙන ඇති බවයි. 





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: