hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2023 අගෝස්‍තු 22, පෙ.ව. 10:46



ශ්‍රී ලංකාවෙන් සංචාරක වීසා ගෙන විදේශගතවිම් වළක්වා ගැනීම සඳහා කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා විසින් කටුනායක ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ ආරක්ෂිත සංක්‍රමණ ප්‍රවර්ධන ඒකකයක් ඊයේ (21) විවෘත කර තිබෙනවා.

මෙම ඒකකය පිහිටුවා ඇත්තේ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය යටතේ මිනිස් වෙළඳාමට එරෙහි ජාතික කාර්ය සාධන බළකායේ නිර්දේශ මතයි.

මනුෂ නානායක්කාර මහතා පවසන්නේ මෑත කාලීනව විශාල වශයෙන් සංචාරක වීසා යටතේ රැකියා සඳහා පිටත්ව ගොස් ඇති නිසා එය වළක්වා ගැනීම සඳහා මෙම නව ඒකකය ස්ථාපනය කළ බවයි.

මේ ඒකකය සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය, ආගමන විගමන දෙපාර්තමේන්තුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරීන් සේවයෙහි යොදවා තිබෙනවා.

ඔහු වැඩිදුරටත් පවසන්නේ මෙම ඒකකයේ ප්‍රගතිය සමාලෝචනය කිරීමෙන් පසු මෙහි සිදු කළයුතු සංවර්ධන යෝජනා ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: