hit counter

2024 මැයි මස 15 වන බදාදා

2023 අගෝස්‍තු 30, පෙ.ව. 4:04



ඔස්ට්‍රේලියාවට අධ්‍යාපනය සඳහා පැමිණෙන විදෙස් සිසුන්ට වීසා නීතිවල වෙනසක් සිදුකර තිබෙනවා.

ඒ එරට රජයේ තීරණයකට අනුවයි.

ඒ අනුව විදෙස් සිසුන්ට එරට ලාභදායී වෘත්තීය පාඨමාලා සඳහා ඇතුළත් වීමට හැකි අයුරින් තිබූ වීසා නීතිවල වෙනසක් කිරීමට‍ තීරණය කර තිබෙනවා.

එහිදී උසස් අධ්‍යාපන පාඨමාලා සඳහා ඔස්ට්‍රේලියාවට පැමිණෙන විදෙස් සිසුන් එරට රැකියා වෙළෙඳපොළ වෙත සූදානම් කෙරෙන අයුරින් මූලික අධ්‍යයන කටයුතුවලට අමතරව සමගාමී අධ්‍යයන පාඨමාලා ලෙසින් වෙනත් ලාභදායී කෙටි පාඨමාලා හැදෑරීමට අවස්ථාව ලබා දී ඇත.

ඔස්ට්‍රේලියා රජය සඳහන් කළේ මෙලෙස පැමිණෙන බොහෝ විදෙස් සිසුන් මෙම නීතිය අවභාවිත කරමින් තම මූලික විශ්වවිද්‍යාල පාඨමාලා අත්හැර දමා ඉහත කී ආකාරයේ ලාභදායී පාඨමාලා වෙත ස්ථිර වශයෙන් මාරුවන ප්‍රවණතාවයේ වර්ධනයක් සිදු ව ඇති බවයි.

ඒ අනුව 2019 සහ 2022 අතර කාලයේ කෙටි පාඨමාලා සඳහා ලියාපදිංචි වී ඇති සිසුන් සංඛ්‍යාව 10,500 ක් වෙනවා.

එය 2023 මුල් භාගය වන විට 17,000 ක් දක්වා වර්ධනය වී තිබෙනවා.

ඒ අනුව අදාළ නීති හිඩැස පූරණය මගින් සිසුන්, සිය පළමු අධ්‍යාපන ප්‍රතිපාදකයා වෙතින් අනිවාර්යය මාස 06ක සේවාවක් ලබා ගැනීමට පෙර දෙවන ලාභදායී අධ්‍යාපන ප්‍රතිපාදකයා වෙත යොමු වීම වළක්වනු ලබයි.

 ඒ බව ඕස්ට්‍රේලියාවේ අධ්‍යාපන අමාත්‍ය Jason Clare සඳහන් කළා.

මේ අතර, ඕස්ට්‍රේලියානු රජය විසින් ශිෂ්‍ය වීසා බලපත්‍රයක් ලබා ගැනීමට ජාත්‍යන්තර සිසුන් විසින් පෙන්විය යුතු ඉතුරුම් ප්‍රමාණය ද වැඩි කිරීමට නියමිත බව සඳහන් වෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: