2026 ජූලි 15, පෙ.ව. 12:03
රජය විසින් වී සඳහා සාධාරණ සහතික මිලක් ලබාදී මිලදී ගැනීමේ විධිමත් වැඩපිළිවෙළක් ආරම්භ කිරීමත් සමග මෙරට ගොවි ජනතාව මේ වන විට ඉතාමත් සතුටින් පසුවන බව වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ ප්‍රකාශ කරනවා.
සමූපකාර සාමාජික ඩිජිටල් ද්වාරය ජනගත කිරීමේ අවස්ථාවට එක්වෙමින් මාධ්‍ය වෙත විශේෂ අදහස් දැක්වීමක් සිදුකරමින් අමාත්‍යවරයා අවධාරණය කළේ, මෙවර මහ කන්නයේ වී මිලදී ගැනීම් විධිමත්ව සිදු කිරීම වෙනුවෙන් රජය ඉතා ඉහළ ප්‍රතිපාදනයක් වෙන් කර ඇති බවයි.
“අපි 2025 වසරට වඩා රුපියල් මිලියන 10,000ක් වැඩියෙන් 2026 වර්ෂය සඳහා වෙන් කරලා තියෙන්නේ. තවම ගොයම් කැපීම පවා සම්පූර්ණයෙන් ආරම්භ වෙලා නැහැ. මෙවැනි පසුබිමක ගොවියෝ අසතුටින් ඉන්නවා කියලා කවුරුහරි කියනවා නම්, ඒ ගොවියෝ කියලා පෙනී සිටින්නේ වෙන කවුරුන් හෝ විය යුතුයි. හැබැයි සැබෑ ගොවියෝ දැන් ඉන්නේ ඉතාමත් සතුටින්…”
එමෙන්ම, රජය සක්‍රීය ලෙස වී මිලදී ගැනීමේ ක්‍රියාවලියට මැදිහත් වීම හේතුවෙන් පෞද්ගලික අංශයට ද සිය වී මිලදී ගැනීමේ මිල ගණන් ඉහළ දැමීමට සිදුව ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
පසුගිය දින කිහිපය ඇතුළත පෞද්ගලික අංශය විසින් ද වී මිලදී ගැනීමේ මිල රුපියල් 112 දක්වා ඉහළ නංවා ඇති බවත්, මේ හරහා ගොවීන්ට සිය අස්වැන්න සඳහා ඉහළම ප්‍රතිලාභයක් ලබා ගැනීමට අවස්ථාව උදා වී ඇති බවත් වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ වැඩිදුරටත් සඳහන් කළා.
2026 ජූලි 15, පෙ.ව. 12:28
2026 ජූලි 15, පෙ.ව. 12:17
2026 ජූලි 15, පෙ.ව. 12:14
2026 ජූලි 15, පෙ.ව. 12:14
2026 ජූලි 15, පෙ.ව. 12:10
15-07-26
15-07-26
15-07-26
15-07-26
15-07-26
15-07-26
15-07-26
15-07-26
14-07-26
14-07-26
14-07-26
14-07-26
14-07-26
14-07-26
14-07-26
14-07-26
13-07-26
13-07-26
13-07-26
13-07-26
13-07-26
13-07-26
13-07-26
13-07-26