hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2023 අගෝස්‍තු 23, පෙ.ව. 2:16



පවතින වියළි කාලගුණ තත්ත්වයේදී කුඩා දරුවන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතු බව ළමා රෝග විශේෂඥයින් පෙන්වා දෙනවා.

කුඩා දරුවන් මේ දිනවල එළිමහන් ක්‍රියාකාරකම්වල නිරත වීමේදී අධික ලෙස දහඩිය දැමීම හේතුවෙන් විජලන තත්ත්වයන් පවා ඇති විය හැකි බවයි වෛද්‍යවරුන් පවසන්නේ.

දරුවන්ට වැඩිපුර ජලය, තැඹිලි, කුරුම්බා, දෙහි, දොඩම්, නාරං, දෙළුම්, ජීවනී වැනි දේවල් ලබා දෙනවා නම් වඩාත් සුදුසු බවත් දරුවන්ට වැඩිපුර ජලයේ සෙල්ලම් කිරීමට දීම සුදුසු අතර එමගින් සමේ රෝග ද ඇතිවීම අවම කර ගැනීමට හැකි බවත් රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සඳහන් කරනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: