hit counter

2024 ජූලි මස 26 වන සිකුරාදා

2023 අගෝස්‍තු 31, පෙ.ව. 1:01



දිවයිනේ ප්‍රදේශ රැසකට වර්ෂාව ලැබී තිබුණ ද ඒ හේතුවෙන් ජලාශවල ජල මට්ටම් මෙතෙක් ඉහළ ගොස් නොමැති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව පවසන්නේ ඔවුන් යටතේ පාලනය වන ජලාශ පවතින ප්‍රදේශවලට ප්‍රමාණවත් තරම් වර්ෂාවක් නොලැබීම ඊට හේතුව බවයි.

එසේම බොහෝ කාලයක් වියළි කාලගුණය පැවතීම නිසා මේ වනවිට ලැබෙමින් පවතින වර්ෂාව පොළවට උරාගැනීම ද තවත් එක් හේතුවක්.

එම නිසා තවදුරටත් ජලය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙසටයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: