2026 ජූලි 14, පෙ.ව. 12:17
වර්තමානයේ ‘එල් නිනෝ’ තත්ත්වයක් ආරම්භ වී ඇති බවත්, එය ඉදිරි මාස කිහිපය තුළ වර්ධනය වීමේ වැඩි සම්භාවිතාවක් පවතින බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම වාර්තාවට අනුව, 2026 නොවැම්බර් සිට 2027 ජනවාරි දක්වා කාලය තුළ මෙම තත්ත්වය 63% ක සම්භාවිතාවකින් වර්ධනය විය හැකි බව පුරෝකථනය කර ඇත.
ඇමරිකානු ජාතික සාගර හා වායුගෝලීය පරිපාලන ආයතනයේ දත්ත උපුටා දක්වමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ, මෙම එල් නිනෝ තත්ත්වය ඉතා ප්‍රබල මට්ටමකට පත්වීමේ සම්භාවිතාව තුනෙන් එකක් පමණ වන බවයි.
මෙම තත්ත්වය හමුවේ ජූලි සහ අගෝස්තු මාසවලදී දිවයිනේ බොහෝ ප්‍රදේශවලට, විශේෂයෙන්ම වියළි කලාපයට සාමාන්‍යයට වඩා අඩු වර්ෂාපතනයක් ලැබීමේ හැකියාවක් පවතී. මේ හේතුවෙන් ජල කළමනාකරණය කෙරෙහි දැඩි අවධානයක් යොමු කළ යුතු බව බලධාරීන් අවධාරණය කරයි. කෙසේ වෙතත්, ඔක්තෝබර් මාසයෙන් පසුව සාමාන්‍යයට වඩා වැඩි වර්ෂාපතනයක් අපේක්ෂා කරන අතර, ඒ සමඟ ගංවතුර සහ නායයෑම් වැනි ආපදා තත්ත්වයන් ඇතිවීමේ අවදානමක් ද පවතින බව වාර්තාවේ සඳහන් වේ.
ජූලි: බස්නාහිර සහ දකුණු පළාත්වලට සාමාන්‍ය වර්ෂාපතනයක් ලැබෙන අතර, දිවයිනේ සෙසු ප්‍රදේශවලට සාමාන්‍යයට වඩා අඩු වර්ෂාපතනයක් ලැබිය හැක.
අගෝස්තු: දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සාමාන්‍යයට වඩා අඩු වර්ෂාපතනයක් ලැබීමේ හැකියාව පවතී.
සැප්තැම්බර්: බස්නාහිර සහ දකුණු පළාත්වලට සාමාන්‍යයට වඩා වැඩි වර්ෂාපතනයක් අපේක්ෂා කරන අතර, සෙසු ප්‍රදේශවලට ලැබෙන වර්ෂාව අඩු විය හැක.
මෙම කාලගුණික වෙනස්වීම් කෘෂිකර්මය, ජල කළමනාකරණය, බලශක්ති උත්පාදනය සහ සෞඛ්‍ය යන ක්ෂේත්‍රවලට සෘජුවම බලපෑම් කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
එබැවින් අදාළ අංශ මේ පිළිබඳව නිරන්තර අවධානයෙන් පසුවිය යුතු අතර, දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරනු ලබන යාවත්කාලීන නිවේදන පිළිබඳව විමසිලිමත් වන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
2026 ජූලි 14, පෙ.ව. 12:20
2026 ජූලි 14, පෙ.ව. 12:19
2026 ජූලි 14, පෙ.ව. 12:16
2026 ජූලි 14, පෙ.ව. 12:15
2026 ජූලි 14, පෙ.ව. 12:15
14-07-26
14-07-26
14-07-26
14-07-26
13-07-26
13-07-26
13-07-26
13-07-26
13-07-26
13-07-26
13-07-26
13-07-26
13-07-26
13-07-26
13-07-26
13-07-26
13-07-26
13-07-26
12-07-26
12-07-26
12-07-26
12-07-26
12-07-26
12-07-26