hit counter

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා

2022 අගෝස්‍තු 23, පෙ.ව. 9:31



ජල බිල අනිවාර්යයෙන්ම වැඩි වන බවත් රුපියල් 50ට තිබූ සේවා ගාස්තුව රුපියල් 300 දක්වා වැඩි වන බවත් සෞඛ්‍ය සහ ජල සම්පාදන අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසනවා.

ජල බිල වැඩි වන්නේ අවුරුදු 11කට පසුව බවත් ඒ මහතා සඳහන් කළා.

ඒ ඊයේ (23) හිරු නාලිකාවේ සලකුණ වැඩසටහනට සහභාගී වෙමින්.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දක්වා සිටියා,

“ජල බිල වැඩි කරන්නේ අවුරුදු 11කට පස්සේ. සේවා ගාස්තු තිබුණේ රුපියල් 50යි. ඒක රුපියල් 300 වෙනවා. අපේ කියුබික් මීටර් 15ක් එහෙමත් නැත්තම් ලීටර් 500ක් අපි අර සර්විස් චාර්ජ් එක ඇතුලේ දෙනවා. ඒ කියන්නේ රුපියල් 300ට උදාහරණයකට ගත්තොත් ලීටර් 15,000ක් වතුර මාසෙට දෙනවා. එතනින් එහාට ස්ලැබ්ස් ස්කේල් එකට තමයි වැඩි වෙන්නේ. ලෝකේ මතයක් තියෙනවා 5 දෙනෙකුගේ පවුලකට සාමාන්‍යයෙන් ලීටර් 500ක් දවසකට ඉවුම් පිහුම් සහ සනීපාරක්ෂක වැඩ වලට ප්‍රමාණවත් කියලා. රුපියල් 300ක් තමයි ඒකට යන්නේ. එතනින් එහාට දළ වශයෙන් ගත්තොත් අපේ දැන් වතුර ලීටර් 1ක් විකිණෙන්නේ රුපියල් 120 – 130 අතර. වෝටර් බෝර්ඩ් එකෙන් දෙන්නේ ශත 2යි. හැබැයි වෙළෙඳපොලේ විකිණෙනවා රුපියල් 120 කට 130කට වතුර බෝතලයක් ලීටර් 1ක්. අපි දෙන්නේ ශත 2යි. අපි ලක්ෂ 8යි තිබ්බේ 2005 වතුර කනෙක්ශන් දීලා. මේ වෙනකොට 62%කට වර්ධනය කරලා තියෙනවා. තවදුරටත් වතුර මණ්ඩලේ දුවන්න බැහැ. ඉතාමත් සාධාරණ ගාණක් තමයි වැඩි කළේ.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: