hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2023 අගෝස්‍තු 19, පෙ.ව. 3:13



පවතින දැඩි හිරු රශ්මිය හේතුවෙන් මේ දිනවල පෙරවරු 10.00ත් පස්වරු 02.00ත් අතර කාලයේදි එළිමහනට නොයා සිටින්නැයි චර්ම රෝග විශේෂඥ වෛද්‍ය නයනි මදරසිංහ මහජනතාවගෙන් ඉල්ලා සිටියා.

එළිමහනට යාමේදී අලේපන වර්ග ඇතුළු ආරක්ෂක ක්‍රම අනුගමනය කිරීම මගින් දැඩි හිරු රශ්මියෙන් සමට ඇති විය හැකි බලපෑම අවම කරගත හැකි බවත් හිරුඑළියට දැඩිව නිරාවරණයවීම නිසා පිළිකා කාරක තත්ත්වයක්ද ඇති වීමේ අවදානමක් පවතින බව විශේෂඥ වෛද්‍යවරිය ප්‍රකාශ කළා.

එම නිසා අව් රශ්මියෙන් වැළකීමට හිස් වැස්මක් හෝ කුඩයක් භාවිත කිරීම වැදගත් බවද ඇය සඳහන් කළා.

දිර්ඝ කාලිනව හිරු එළියට නිරාවරණය වීමේදී සම ඉක්මනින් වියපත් වන බවත් හිරු එළියේ ඇති පාරජම්බුල කිරණ මගින් සම වයසට යාමේ ක්‍රියාවලිය ඉක්මන් වන බවත් ඇය වැඩිදුරටත් පැවසුවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: