hit counter

2024 මැයි මස 15 වන බදාදා

2023 ඔක්‍තෝබර් 29, ප.ව. 8:09



පවතින වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 06ක් සදහා නාය යෑමේ අනතුරු ඇගවීමේ නිවේදන තවදුරටත් ක්‍රියාත්මක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

ඒ අනුව බදුල්ල ,ගාල්ල ,හම්බන්තොට ,කළුතර ,මාතර සහ රත්නපුර දිස්ත්‍රික්ක සදහා නාය යෑමේ නිවේදන නිකුත් කර තිබෙනවා.

එම දිස්ත්‍රික්ක වල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 48ක් සදහා නාය යෑමේ නිවේදන නිකුත් කර තිබෙනවා.

එම නිවේදනය හෙට (30) පස්වරු 03.00 දක්වා බලපැවැත්වෙයි.

පොළවේ ඇතිවන ඉරි තැලීම්,ගැඹුරට හෑරුණු පැළුම් හා පොළවේ ගිලා බැසීම්,ක්‍රමයෙන් ඇලවී යන ගස්,විදුලි කණු,වැටවල් හා දුරකථන කුළුණු ආදිය නිරීක්ෂණය වන්නේනම් හෝ එකවර ජල උල්පත් ඇති වීම් හෝ පෙර පැවති ජල උල්පත් බොරවීම් හෝ අවහිර වීම් වැනි ණාය යෑම් ලක්ෂණ නිරීක්ෂණය වන්නේනම් කඩිනමින් එම ස්ථාන වලින් ඉවත් වීම ඉතා වැදගත් බව එම ආයතනය සදහන් කරයි.

පවතින වැසි තත්වය තවදුරටත් පවතින්නේනම් පස් කඳු කඩා වැටීම්,ගල් පෙරලීම් සිදුවිය හැකිය.

ඒ හේතුවෙන් කන්ඩි හා බෑවුම් ආශ්‍රිතව සිටින ජනතාව හැකි ඉක්මනින් ආරක්ෂිත ස්ථාන කරා යොමුවිම ඉතා වැදගත් බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය වැඩිදුරටත් පවසයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: