hit counter

2026 මැයි මස 20 වන බදාදා

2025 මැයි 27, පෙ.ව. 12:09



මේ වන විට දිනපතා රටේ සාමාන්‍ය සිවිල් පුද්ගලයන් ඝාතනය කිරීම සාමාන්‍ය දෙයක් බවට පත්ව ඇතැයි හිටපු අමාත්‍ය ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ පවසයි.

හිටපු ඇමතිවරයා පෙන්වා දෙන්නේ අද නීතියේ විධානය ක්‍රියාත්මක කරන්නේ ලංකාවේ රජ කරන පාතාළ කල්ලි බවයි.

රට මෙම තත්ත්වය වැටීම ගැනත් පුරාජේරු කියමින් බලයට ආ ආණ්ඩුව එය තවත් තීව්‍ර වන්නට ඉඩ දී බලා සිටීම ගැනත් කනගාටු වන බව ද විමල් වීරවංශ ප්‍රකාශ කරයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, නඩු කටයුත්තක් සඳහා අධිකරණයට පැමිණි අවස්ථාවේ මාධ්‍ය අමතමිනි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: