hit counter

2026 මැයි මස 12 වන අඟහරුවාදා

2025 ජූනි 27, පෙ.ව. 12:08



වරායේ නැවතත් බහාළුම් රථ තදබදයක් නිර්මාණය වෙමින් පවතින බව හිටපු අමාත්‍ය, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ මෙයට පෙර සිදු වූ ආකාරයටම කෘත්‍රීම බහාළුම් තදබදයක් නිර්මාණය කර expolanka ඇතුළු ජාවාරම්කාර පැලැන්තියේ නීති විරෝධී ද්‍රව්‍ය ඇතුළත් බහාළුම් තොගයක් නිදහස් කිරීමට ආණ්ඩුව සැරසෙන්නේ දැයි ජනතාව තුළ සැකයක් මතුව ඇති බවයි.

වර්තමාන ආණ්ඩුව බලයට පත් වහාම කෘත්‍රීම ලෙස බහාළුම් රථ තදබදයක් නිර්මාණය කර අනිවාර්යෙන් පරික්ෂා කළ යුතු බවට නිර්දේශ කළ බහාළුම් ඇතුළු බහාළුම් තුන්සිය ගණනක් කිසිදු පරික්ෂාවකින් තොරව නිදහස් කළ බවට ද විමල් වීරවංශ චෝදනා කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: