hit counter

2026 මාර්තු මස 03 වන අඟහරුවාදා

2022 ඔක්‍තෝබර් 05, පෙ.ව. 9:45



සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කිහිපදෙනෙකු ආණ්ඩුවට සහය දැක්වීමට සූදානම් බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළා.

ඒ අනුව ඉදිරියේදී සිදු කිරීමට නියමිත කැබිනට් මණ්ඩල සංශෝධනයේදී සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් තිදෙනෙකුට කැබිනට් අමාත්‍යධූර හිමි වීමට නියමිතයි.

දේශපාලන ආරංචි මාර්ග පැවසූවේ එම මන්ත්‍රීවරුන් තිදෙනාට බොහෝ දුරට මුදල්, සෞඛ්‍ය ඇමතිධූර ලැබෙන බවයි.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඇමැතිධුර හිමිවිය යුතු අයගේ ලැයිස්තුවක් ද ජනාධිපතිවරයා වෙත පසුගියදා යවා තිබුණා. එසේ වුවද ස්ථිර කැබිනට් මණ්ඩලයක් පත් කිරීම තවදුරටත් කල් යනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කළා. 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇමැති ධුර හිමි විය යුතු 12දෙනෙකුගේ ලැයිස්තුවක් මෙලෙස ජනාධිපතිවරයාට යවා තිබෙන බව දැනගන්නට තිබෙනවා.

පොහොට්ටුවට ඇමැති ධුර 12ක් ලබා දුන්නොත් ඉතිරි පක්ෂ සඳහා කැබිනට් ඇමැති ධුර ලබාදීම ද ගැටලු‍වක් වනු ඇති.

වෙනත් පක්ෂවලින් ජීවන් තොණ්ඩමන් සහ අතාවුල්ලා යන දෙදෙනාටත්, එක්සත් ජාතික පක්ෂයේ පත්කළ මන්ත්‍රී වජිර අබේවර්ධන මහතාට මෙන්ම, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ආණ්ඩුවට එක්වන දුමින්ද දිසානායක මහතාටද ජනාධිපතිවරයා විසින් ඇමැති ධුර ලබා දෙනු ඇතැයි දැනගන්නට තිබෙනවා.  





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: