hit counter

2026 ඔක්‍තෝබර් මස 18 වන ඉරිදා

2022 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 9:56



ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 5 දෙනෙකු ආණ්ඩු පක්ෂයට එක්වන බව දේශපාලන ආරංචි මාර්ග ඒෂියන් මිරර් වෙත වාර්තා වුණා.

ඒ අනුව ඔවුන්ට රාජ්‍ය ඇමති ධූර ලබාදීමට නියමිත බවද වාර්තා වනවා.

ඒෂියන් මිරර් වෙත අදහස් දැක්වූ නිලධාරියෙකු පැවසූවේ රංජිත් සියඹලාපිටිය මහතා මුදල් රාජ්‍ය ඇමති ධූරයේ වැඩ බාර ගත් බවයි.

දුමින්ද දිසානායක, රංජිත් සියඹලාපිටිය, ලසන්න අලගියවන්න, චාමර සම්පත්, ජගත් පුෂ්පකුමාර යන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් ආණ්ඩු පක්ෂයට එක්වන බව වාර්තා වනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: