hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2024 පෙබරවාරි 10, ප.ව. 6:10



අපි රටකට යාම , රටක රාජ්‍ය නායකයින් මුණ ගැසීම අපේ දේශපාලන හෝ ආර්ථික ප්‍රතිපත්තිය වෙනස් කර ගැනීමට හේතුවක් නොවේ යැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අද (10) කටුනායක ගුවන් තොටුපොළේ දී පැවසුවා.

ඒ මහතා එසේ පැවසූවේ සිය ඉන්දීය නිමා කර කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි අවස්ථාවේ දීයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා ඉන්දියාවට ගිය පළමු දේශපාලන කණ්ඩායම අප නොවන බවත් පැවසුවා.

අප රටේ ආර්ථිකය කඩා වැටීම, දේශපාලන අර්බුදය මෙන්ම ජනාධිපතිවරයා විසින් ජන්ද කල් දමා තිබීම ලෝකය මෙන්ම ඉන්දීය රාජ්‍ය නායකයින් ද දන්නා බවත්, කවර මැතිවරණ කල් දාන්න උත්සාහ කළත් එළඹෙන ඔක්තෝබර් මස ජනාධිපතිවරණය පැවැත්වීම සිදු කළ යුතු බවත් එය රටේ විශාල දේශපාලන හැරවුමක් බවට පත් වන බවත් සඳහන් කළා.

ඉන්දීය රජය සමග එකගතා , පොරොන්දු රජයන් අතර සිදු වන බවත් , අප දේශපාලන ව්‍යාපාරයක් බැවින් අපි අවබෝධ කර ගැනීම වර්ධනය කර ගැනීම සිදු කළ බවත් අනුර කුමාර දිසානායක මහතා පැවසුවා.

අනුර කුමාර මහතා ඇතුළු ජාතික ජන බලවේගයේ නියෝජිතයන් පිරිස අද (10) පස්වරු 03.10 ට ඉන්දියාවේ මුම්බායි සිට විස්තාරා ගුවන් සේවයේ යූ.කේ.- 131 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: