hit counter

2024 මැයි මස 21 වන අඟහරුවාදා

2023 අගෝස්‍තු 02, පෙ.ව. 10:34



සංචාරක අමාත්‍යාංශය යටතේ පවතින රාජ්‍ය අමාත්‍යාංශය සිදුකරන වැඩකටයුතු සඳහා කැබිනට් අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා කිසිදු සහයෝගයක් ලබා නොදෙන බවට සංචාරක රාජ්‍ය ඇමැතිනි ඩයනා ගමගේ මහත්මිය ඊයේ (01) චෝදනා කළා. 

ඇමැති හරින් ප්‍රනාන්දු සමඟ කිසිදු විරසකයක් තමාට නොමැති වුවත් රාජ්‍ය අමාත්‍යාංශය සිදු කරනු ලබන විවිධ ව්‍යාපෘති හා වැඩසටහන්වලට ඔහු ලබාදෙන සහයෝගයක් නොමැති බවද ඇය පැවැසුවා.

නව ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට කටයුතු කිරීම සහ සංචාරක අමාත්‍යවරයාගේ සහයෝගය ලබාගැනීම කෙසේ වෙතත් ඇමැතිවරයා අමාත්‍යාංශය තුළ සිටිනවාද යන්නවත් තමා නොදන්නා බව ඇය සඳහන් කළා.

ආර්ථික අර්බුදයෙන් රටේ සංචාරක කර්මාන්තය දියුණු කිරීමට අවශ්‍ය සෑම කටයුත්තක්ම තමාට හැකි උපරිමයෙන් හා ජනාධිපතිවරයාගේ සහයෝගයෙන් සිදුකරන නමුත් විෂය භාර කැබිනට් අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් කිසිදු අවධානයක් ලබාදී නොමැති බවද ඇය කීවා.

ජනාධිපතිවරයා පවරන ලද සෑම වගකීමක්ම තමා හැකි උපරිමයට සිදුකරන බවත් කිසිවකුගේ සහයෝගය නොලැබුණත් සංචාරක කර්මාන්තය නඟාසිටුවීමට තමා කටයුතු කරන බවද ඇය වැඩිදුරටත් පැවැසුවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: