hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2022 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 10:57



නව රාජ්‍ය අමාත්‍යවරු 37දෙනෙකු අද(08) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවා.

එහිදී මන්ත්‍රීවරියන් කිහිපදෙනෙකුටම රාජ්‍ය ඇමති ධූර ලබා දුන්නා.

එම අවස්ථාවේදී සුවිශේෂ සිදුවීමක් වූයේ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් ලෙස කටයුතු කර පසුව ආණ්ඩු පක්ෂයට පැමිණි ඩයනා ගමගේ මන්ත්‍රීවරිය රාජ්‍ය ඇමති ධූරයේ දිවුරුම් දීමයි.

ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දීමට පැමිණි මන්ත්‍රීවරිය දිවුරුම් ප්‍රකාශය කියවීමේදී සිනහ වෙමින් දිවුරුම් දුන්නා. ඇමති ධූරය සඳහන් කරන අවස්ථාවේදී ඇයට සිනහ යන බවක් සජිවී විකාශයේදී පෙනී ගියා.

පසුව ජනාධිපතිවරයා අතින් රාජ්‍ය ඇමති ධූරයේ පත්වීම් ලිපිය ලබා ගන්නා අවස්ථාවේදී ජනාධිපතිවරයාද ඩයනා ගමගේ රාජ්‍ය අමාත්‍යවරියට යමක් කියනු දක්නට ලැබුණු අතර එම ප්‍රකාශයක් සමඟ ජනාධිපතිවරයා සහ ඩයනා ගමගේ රාජ්‍ය ඇමතිවරියට සිනහ වෙමින් පත්වීම් ලිපිය ලබා ගෙන පිටව යන ආකාරයක් දක්නට ලැබුණා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: