hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2023 මාර්තු 26, පෙ.ව. 8:23



පාර්ලිමේන්තුව තුල පිල්මාරු කිරීමට සාකච්ඡා සිදුවෙමින් පවතින බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

ඒ අනුව පොහොට්ටුව නියෝජනය කරන මන්ත්‍රීන් පිරිසක් සන්ධානගත වීමක් සම්බන්ධව ආණ්ඩුවේ ප්‍රධානීන් පිරිසක් සමඟ සාකච්ඡා කර ඇති බවයි එම ආරංචි මාර්ග සඳහන් කළේ.

මේ අතර සමගි ජන බලවේගයේ මන්ත්‍රීන් පිරිසක් වෙතද රජයට සහාය දෙන මෙන් ආරාධනාවක් ලැබී ඇති බව වාර්තා වනවා. ඒ සම්බන්ධ යෝජනාවේදී මුලින් රජයේ නියෝජිතයන් සජබට දන්වා ඇත්තේ නැවතත් එජාපය සහ සමගි ජන බලවේගය එක්ව ඉදිරි ජනාධිපතිවරණය සඳහා තරග කළ යුතු බවටයි.

එහෙත් සජබ ප්‍රධානීන්ගෙන් ඊට යහපත් ප්‍රතිචාරයක් ලැබී නැතැයි වාර්තා වුණා. එසේ වුවද සජබ මන්ත්‍රීන් පිරිසක් ඊට සහාය දක්වන බව ප්‍රකාශ කර ඇතැයි දැනගන්නට තිබෙනවා.

ඒ අතර දැනට රජයට සහාය දක්වන පොහොට්ටු මන්ත්‍රීන් පිරිසක් රජයේ කැබිනට් තනතුරු අපේක්ෂාවෙන් සිටින බවත් එම තනතුරු ලැබීම දිගින් දිගටම ප්‍රමාද වන්නේ නම් තවදුරටත් රජයට සහාය දීම ගැන තීන්දුවක් ගත යුතු බවත් මේ සම්බන්ධයෙන් පොහොට්ටු මූලස්ථානයේ පැවති සාකච්ඡාවකදී එම මන්ත්‍රී පිරිස අවධාරණය කර තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: