hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 ඔක්‍තෝබර් 04, ප.ව. 1:31



දේශීය සබන් නිෂ්පාදන කර්මාන්තය ආරක්ෂා කිරීම සඳහා දීර්ඝ කාලීන ඉල්ලීමකට අනුව ආනයනික ෆාම් තෙල් නිෂ්පාදන කිහිපයක් සඳහා සියයට 29 ක බද්දක් පනවමින් නිකුත් කළ ගැසට් නිවේදනය පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් නොකර කල් මැරීමට ක්‍රියාකිරීම නිසා ආණ්ඩුවට විශාල පාඩුවක් සිදු වී ඇති බව වාර්තා වෙනවා.

එම පාඩුව රුපියල් මිලියන 2000 ක පාඩුවක් බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

16/6/2023 දින නිකුත් කළ අංක 2336/69 දරන එම ගැසට් නිවේදනය 16/10/2023 දිනට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත නොකළහොත් එම ගැසට් නිවේදනය අවලංගු වන වන අතර ඒ සඳහා තව ඉතිරිව පවතින්නේ දින කිහිපයක් පමණි.

පාර්ලිමේන්තුවේ මුදල් කමිටු සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා එසේ ගැසට්ටුව අනුමත කිරීම පමා කරමින් බහු ජාතික සමාගමක උවමනාව ඉටුකරන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු චෝදනා කර සිටියේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: