hit counter

2026 සැප්‍තැම්‍බර් මස 02 වන බදාදා

2023 සැප්‍තැම්‍බර් 07, පෙ.ව. 9:50



සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව පාර්ලිමේන්තුවේදී මේ දිනවල විවාද කෙරෙන විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය භාවිතා කිරීමට පොහොට්ටුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් පිරිසක් කටයුතු කරමින් සිටින බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි.

ඔවුන් පසුගිය දින දෙකේ පාර්ලිමේන්තු ලොභියේ රැස්වී මේ ගැන සාකච්චා කර තිබෙනවා.

දැවෙන ප්‍රශ්න විශාල ප්‍රමාණයක් ග්‍රාමීය රෝහල්වල පවතින බැවින් එය කෙසේ හෝ විසඳා ගතයුතු අතර යම් ලෙසකින් විශ්වාසභංගයට විරුද්ධ වීමටනම් එම ගැටළු ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා හමුවී විසඳා ගත යුතු බවද ඔවුන් මෙහිදී සාකච්චා කර ඇතැයි වාර්තාවේ.

දේශපාලන වාර්තාකරු





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: