hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2022 නොවැම්‍බර් 22, පෙ.ව. 10:36



සංශෝධනයන්ට එකඟව අයවැය සඳහා සියලුදෙනා සහාය දැක්විය යුතු බව හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

අද (22) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඒ මහතා මේ බව කියා සිටියා.

කිසිවිටෙකත් ජනතාව අතහැර තමා පළා නොගිය බව මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියා.

“යහපාලන ආණ්ඩුව අපිට දරන්න බැරි තරම් ණය ගත්තා. ඒක රටටත් මේ සභාවටත් රහසක් නෙමෙයි. අද ආර්ථිකය හදන්න අදහස් ඉදිරිපත් කරන ඇතැම් අය එදා ඒ ආණ්ඩුවේ හිටියා. වගකීම් අරන් කරන්න කිව්වහම බෑ කියනවා. ඒ අය කැමති හැමදාම ජනප්‍රිය පැත්තේ ඉන්න. අපිට ඒ වගේ වීරත්වයක් වැඩක් නෑ. ප්‍රශ්න අභියෝගවලට මුහුණදෙන එක අපේ ප්‍රතිපත්තය. අපේ මේ මොහොතේ ජනතාව අතහැරලා පැනලා ගියේ නෑ… එහෙම යන්නෙත් නෑ. අපි රට භාරගත්තේ ණය කන්දක් මැද. එහෙම අරගෙන අද වෙනකල් දුෂ්කරතා මැද රට ඉදිරියට ගෙන යන්න අවශ්‍ය සහාය දීලා තියෙනවා. ඉදිරියටත් එකේ වෙනසක් වෙන්නේ නෑ.”

“ජනතාවට දොස් කියන්න එපා. ඇතැම් තීන්දු වැරදියි. ඒ වැරදි තීන්දු ගැන කතා කරලා ඵලක් නෑ. අපි වැරදි තැන් නිවැරදි කරගෙන රට ඉදිරියට ගෙන යන්න අවශ්‍යයි.” යැයි හිටපු අගමැතිවරයා සඳහන් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: