hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2022 ඔක්‍තෝබර් 21, පෙ.ව. 8:25



හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට නැවත අග්‍රාමාත්‍ය ධූරය ලබා දීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨයින් පිරිසක් අතර මේවන විට සාකච්ඡා පැවැත්වෙන බව එම පක්ෂ ආරංචි මාර්ග පවසනවා.

ඒ අනුව ලබන නොවැම්බර් 18 වැනිදායින් පසු අගමැති ධූරය මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට හිමි වනු ඇති.

ලබන නොවැම්බර් 18 වැනිදායින් පසු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සුබ කාලයක් උදාවන බවට ද ජෝතීෂ්‍යවේදීන් ප්‍රකාශ කර ඇතැයි වාර්තා වනවා.

නොවැම්බර් 18 වැනිදා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපන් දිනයද යෙදී තිබෙනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සන්ධානගත පක්ෂයක් වන මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා මේවන විට අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කරනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: