hit counter

2024 අප්‍රේල් මස 30 වන අඟහරුවාදා

2024 මාර්තු 30, ප.ව. 5:59



තමන් සහ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න,පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරුවලින් ඉවත් කිරීමට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

ඉතා ඉක්මනින්ම එම ක්‍රියා මාර්ග ගන්නා බවද අමාත්‍යවරයා කියයි.

එය කිසිසේත්ම ඔවුන් කිසිවෙකුට දන්වා සිදු නොකල බවද හෙතෙම කියා සිටියා.

හදිසියේම රැස්වු ශ්‍රී ලනිප මධ්‍යම කාරක සභාව රැස්වී ලසන්ත අලගියවන්න මහතා භාණ්ඩාගාර ධූරයෙන්ද මහින්ද අමරවීර මහතා ජේෂ්ඨ උපසභාපති ධූරයෙන්ද තමන්ව ජ්‍යෙෂ්ඨ උප සභාපති ධූරයෙන් ද ඉවත්කර ඇති බව ඇමතිවරයා කියා සිටියා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු ආසන සංවිධායකවරුන් සහ විධායක කමිටු සාමාජිකයින් අද (30) පක්ෂ මූලස්ථානයේදී රැස්වී මෙම තීරණය ගෙන තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: