hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2024 මාර්තු 07, ප.ව. 9:27



ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවක් අද රාත්‍රියේ පැවත්වීමට නියමිතව ඇති බව දේශපාලන ආරංචි මාර්ග කියා සිටියා.

රටේ ප්‍රධානම දේශපාල ප්‍රබලයෙකුගේ කොලඹ පිහිටි නිවසේදී මෙය පැවැත් වෙනවා.

මේ සදහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ,හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු කිහිප දෙනෙක් පමණක් සහභාගීවීමට නියමිතයි.

මෙම පිරිස අද දහවල් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පැවති තරු පහේ හෝටලයකද හමුවී තිබෙනවා.

ඒ හිටපු අමාත්‍ය සුසන්ත පුංචිනිලමේ මහතාගේ පුතනුවන්ගේ විවාහ මංගල උත්සවයේදී.

ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීම වෙනුවෙන් මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිත බවද එම ආරංචි වැඩිදුරටත් කියා සිටියා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: