hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2022 ඔක්‍තෝබර් 08, ප.ව. 2:19



ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවතින ක්‍රමයේ වෙනසක් සිදුවිය යුතු යැයි පිළිගන්නා බව එම පක්ෂයේ වැඩබලන ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පවසයි.

‘එක්ව නැගිටිමු – කළුතරින් පටන් ගමු’ යන ජනරැලිය අමතමින් ඔහු මේ බව සඳහන් කළා.

එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා බලයට ගෙනඒමට දායක වූ තරුණ පරම්පරාව බලාපොරොත්තු වූ ක්‍රම වෙනස සිදුකිරීමට නොහැකි වූ බවයි.

‘එක්ව නැගිටිමු – කළුතරින් පටන් ගමු’ යන මැයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධාන කළ ජනරැලිය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (08) පෙරවරුවේ පැවැත්වුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාගේ කළුතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කාර්යාලයේදීය.

රැලිය සඳහා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ද සහභාගී වී සිටියා.

රාජ්‍ය අමාත්‍යවරුන් වන ලොහාන් රත්වත්තේ, පියල් නිශාන්ත, සනත් නිශාන්ත, අනූප පැස්කුවෙල් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම්, නාමල් රාජපක්ෂ, රෝහිත අබේගුණවර්ධන, පවිත්‍රා වන්නිආරච්චි, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ගාමිණි ලොකුගේ, සංජීව එදිරිමාන්න යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් ද ඊට එක්ව සිටි බවයි වාර්තා වන්නේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: